ශීතකරණ සහ වායුසමීකරණ Refrigerator & Air Condition.............................

ඉතිහාසය (History)
ශීතකරණය හදුන්වාදීමට ප්‍රථම මිනිසා විසින් තම ආහාර පාන කල්තබා ගැනීම පිනිස එක් එක් ක්‍රමයන් භාවිතා කරන ලද අතර ඉක්මනින් වීනාශයට පත්වීමට ඉඩ ඇති මස් මාලු වර්ග මෙන්ම පළතුරැ ළුළවළු ආදි ද්‍රව්‍යයන් නැවත පරිභෝජනයට ගැනිම සදහා මෙම ක්‍රමයන් භාවිතා කරන ලදී.
එම ක්‍රමයන් වර්ථමානයේ දියුනුවට පත් ජාතින් මෙන්ම නොදියුනු ජාතීන් විසින්ද ඈත අතීතයේදී අනුගමනය කරනා ලදී.විශේෂයෙන් අයිස් සහ හිම එකතු කොට හෝ මිලදි ගෙන ඒ තුල රදවා තබා ආරක්ෂා කරගැනීමෙන් පසුව ආහාර පාන සදහා යොදා ගන්නා ලදි.මෙම ක්‍රමය වර්ථමානයේදී පවා දක්නට ලැබෙනු ඇත.
එසේ හිම සහ අයිස් බහුලව ඇති රාජයයන් තුල ස්භාවික පරිසරයේ ඇති හිම සහ අයිස් කදු අතර පිලිවෙලකට සාදාගන්නා ලද වලවල් තුල මෙන්ම ලී කැබලි , කොට කැබලි වැනි ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් පිළිවෙලකට සාදාගන්නා ලද ස්ථානයන්හි ආහාර ගබඩාකර කල්පවත්නා පරිදි සුරක්ෂිත කොට තබාගන්නා ලද අතර එම කුමය අනුගමනය කිරිම ශිතකරණ ක්‍රීයාවලියේ මූලික ඉතිහාසය වේ.

ගෘහ ශීතකරණය(Home Refregirator)


                                                               
 වර්ථමානයේ භාවිතය සදහා ගන්නා ශීතකරණ යන්ත්‍රයන්


ශීතකරණ යන්ත්‍රය(Refrigerator)
පදාර්ථයක තාපය ඉවත් කර එය සිසිල් කිරිම ශිතකරණය යනුවෙන් කෙටිනේ හැදින් විය හැක.මෙහිදී හුදෙක්  සිසිල් කිරිම පමණක් කරනු ලබන අතර බොහෝ විට ආහාර කල් තබා ගැනීම සදහා ශීතකරණ පද්ධති භාවිතා කරනු ලබයි.ඊට අමතරව කර්මාන්ත ශාලාවන්හි අවශ්‍යතාවයන් සදහා මෙන්ම වානිජමය අවශ්‍යතාවයන් සදහාත් භාවිතා කිරිම සිදු කරයි.



ශීතකරණයක ඇතුලත පිහිටීම(Refrigerator diagram)වායුසමීකරණ යන්ත්‍රය(Air Condition)
 පරිසරයේ ඇති උෂ්ණත්වය,ආර්ධතාවය,පිරිසිදුතාවය යන භෙතික රාශීන් පාලනය කර මිනිසාට වඩාත් සුදුසු එසේම කර්මාන්තයයන්ට අවශ්‍යය පරිදි යොදා ගැනීම වායු සමනය කිරිම යනුවෙන් හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් Human Comport Air condition සහ Industrial Air condition යනුවෙන් කොටස් කර ඇත.මිනිසාගේ සුව පහසුව සදහා භාවිතා කරනු ලබන වායු සමිකරණ යන්ත්‍ර Human Comport Air condition system ලෙසත් කර්මාන්ත අවශ්‍යයතාවය සදහා භාවිතයට ගන්නා වායු සමීකරණ පද්ධති Industrial Air condition system ලෙසත් හදුන්වනු ලබයි.









ජනේල වර්ගයේ ශීතකරණ(Window Air Conditioner)










ජනේල වර්ගයේ ශීතකරණ(Window Air Conditioner) පුහුණුවීම්උපකරණ  (Equipment   ) 
ශීතකරණයක හෝ ඔනෑම උපකරනයක් ක්‍රියාත්මක විම පිණිස ඒම උපකරණය සදහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද උපකරණ කොටස් කිහිපයකගේ එකමුතුවකින් අවසි කාර්යය සාර්ථක ප්‍රතිළුලයක් ලබාගත හැකි බව අප දනිමු.ඒ හා ශිතකරණ හා වායු සමීකරණයේද] ඒවාටම ආවේනික ප්‍රධාන උපකරණ කිහිපයක් ඇත.
සනීකාරකය(Condenser)









වාෂ්පීකරණය (Evaporator)










 සම්පිඩකය.(Compressor )












කේෂීය නලය (Cappilary Tube )










 ශීතකරණ ක්‍රීයාවලියේ මුලික නියමයන්  
#   සෑම විටම තාපය වැඩි තැන සිට අඩු තැන දක්වා ගමන් කරයි
# පරිමාව වැඩිවන විටදී පීඩනය අඩුවේ.
# පිඩනය වැඩිවන විටදී උෂ්ණත්වයද වැඩිවේ.
# පීඩනය අඩුවන විටදී තාපාංක උෂ්ණත්වය (boiling point) පහළ බසී
# ද්‍රවයක් වාෂ්ප වීමේදී යම්කිසි තාප ප්‍රමාණයක් ලබා ගනිද ඒ හා සමාන තාප ප්‍රමාණයක් එම වායුව ද්‍රව බවට පත්වීමේදී පරිසරයට මුදාහරී. 
# තාපය යනු ශක්ති ප්‍රභ්දයකි. එය විනාශ කළ නොහැක. යම් ස්ථානයකින් තවත් ස්ථානයකට යොමු කිරිම සිදු කළ හැකඝනීභවකය(Condenser)
ඝනීභවකය(Condenser)හි ප්‍රධාන කාර්යය වන්නේ ශිතකරක ද්‍රව වායුව බවට පත් කිරිමයි. සම්පීඩකයයෙන්(Compressor) ඝනීභවකය(Condenser)තුලට ඇතුල් වන ශීතකාරක වායුවේ තාපය පිටකිරිම මගින් එම වායුව ද්‍රව බවට පත් වෙමින් expansion value යට  ගමන් කිරිම සිදු කරයි.ඝනීභවකය(Condenser)තුලදී සිදුවන අවශ්ථා විපර්යාසය වන්නේ ඝනභවනයයි.(). මෙහිදී තාපය සහ ගුප්ත තාපය යන තාප වර්ග දෙකම පිට කරන අතර ඒවා එවපොරේටරයෙන්(Evaporator) අවශෝෂණය කරගත් තාපයත් සම්පීඩකයයෙන්(Compressor) ජනිත වු තාපයත් වේ.

සම්පිඩකය.(Compressor ) 
ශිතකරණයක හදවත ලෙස සැලකිය හැක්කේ සම්පීඩකය(Compressor ) වේ. සැම විටම ළුවපොරේටර {(Evaporator)(වාෂ්පීකරණය)}යෙන් ශීතකාරක වායුව උරා ගනිමින් එහි අවපීඩනයක් ඇති කරන අතර උරාගත් ශීතකාරක වායුව Condensor එකට යැවිමෙන්  condensor ය තුල අධී පීඩනයක් ගොඩනගයි. එම අධි පීඩනය මගින් ශීතකාරක වායුවේ අංශුන් ලංවන අතර ද්‍රව බවට පත්විම පහසු කරයි. පද්ධතිය පුරා ශීතකාරක ගමන් කරනු ලබන්නේද (Compressor) කම්ප්‍රෙසරයේ ඉහත කී කාර්යයන් මගිනි.<br />
එක් එක් වර්ගයේ සම්පිඩකය.(Compressor )

Comments